News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

“වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ධුරයෙන් ඉවත් වුණේ කැමැත්තෙන්” – සෞඛ්‍ය අමාත්‍යවරිය

433 Views


“වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ධුරයෙන් ඉවත් වුණේ කැමැත්තෙන්” – සෞඛ්‍ය අමාත්‍යවරිය

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සිය කැමැත්තනේ එම ධුරයෙන් අස් වූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී හේෂා විතානගේ මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

වෛද්‍ය ජයරුවන් මහතාට ධුරයෙන් ඉවත් වන ලෙස අමාත්‍යවරිය ඉල්ලීමක් කර ඇති බවට සමාජ මාධ්‍යය ඔස්සේ පළ වන ප්‍රකාශ සත්‍යක් දැයි එහිදී මන්ත්‍රීවරයා අමාත්‍යවරියගෙන් විමසුවා.

අමාත්‍යවරිය පැවසුවේ, එතුමා සිය කැමැත්තෙන් ඉවත් වන බව තමන්ට දැනුම් දුන් බවයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තමන්ට සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත්වන ලෙස කරන ලද ඉල්ලීම මත තමන් ධුරයෙන් ඉවත් වූ බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පසුගිය ඉරිදා ප්‍රකාශකර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post