News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

රිදීගම සෆාරි උද්‍යානයේදී සිංහ පැටවුන් තිදෙනෙක් උපත ලබයි

978 Views


රිදීගම සෆාරි උද්‍යානයේදී සිංහ පැටවුන් තිදෙනෙක් උපත ලබයි

හම්බන්තොට, රිදීගම සෆාරි උද්‍යානයේදී ඊයේ සිංහ පැටවුන් තිදෙනෙකු උපත ලබා තිබෙනවා.

ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහතා පැවසුවේ, ඊයේ පස්වරු 4.45ට පමණ මෙම පැටවුන්ගේ උපත සිදු වූ බවයි.

එම පැටවුන්ගේ මව වයස අවුරුදු 8ක් වන ෂීනා නමැති ජර්මනියේ සිංහ ධේනුවක් වන අතර පියා වයස අවුරුදු 7ක් වන චීනයට අයත් සිංහයෙක් බව ද හේමන්ත සමරසේකර මහතා පැවසුවා.

මෙම සිංහ ධේනුව මින් පෙර ද සිංහ පැටවුන් සිව්දෙනෙකු බිහිකර තිබෙනවා.

ඉන් එක් පැටවෙකු 2017 වසරේදී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට පිරිනමා ඇති බවයි ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post