News Line| Off Air
Generic placeholder image

Nov
18

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

438 Views


අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බවයි.

දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිලි මීටර 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි වනවා.

ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post