News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

නාපානේ පේමසිරි මහා නාහිමිගේ ආදාහන පූජෝත්සවය 22 වැනිදා

485 Views


නාපානේ පේමසිරි මහා නාහිමිගේ ආදාහන පූජෝත්සවය 22 වැනිදා

අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අති පූජ්‍ය නාපානේ පේමසිරි මහා නාහිමියන්ගේ ශ්‍රී දේහය අද උදෑසන මහජන ගෞරවය සඳහා මැණික්හින්න, හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙනේ තැන්පත් කෙරුණා.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික අධ්‍යාපනපති පුජ්‍ය හූරීකඩුවේ පඤ්ඤාසේකර හිමියන් පැවසුවේ, ආදාහන පූජෝත්සවය කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව එළැඹෙන 22 වැනි ඉරිදා සිදු කෙරෙන බවයි.

අති පූජ්‍ය නාපානේ පේමසිරි මහා නාහිමියන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පස්වරුවේ අපවත් වුණා.

අපවත් වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු 98ක්.

2012 වසරේ සැප්තැම්බර් මස රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධුරයට පත් වූ අති පූජ්‍ය නාපානේ පේමසිරි හිමියන් ඉන් පෙර එම නිකායේ අධිකරණ සංඝ නායක ධුරය ද හොබවනු ලැබුවා.

එමෙන්ම උන්වහන්සේ මහනුවර – මැණික්හින්න, හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙනේ විහාරාධිපති හිමියන් ලෙසත් වැඩ වාසය කළා.


News Articles
Latest Videos
Most Popular Post