News Line| Off Air
Generic placeholder image

Nov
19

මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පොහොර සමාගමේ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට

723 Views


මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පොහොර සමාගමේ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට

ලංකා පොහොර සමාගමට පුද්ගලික සමාගමකින් දියර පොහොර මිල දී ගැනීමේදී සිදුව ඇති රුපියල් මිලියන 90ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පොහොර සමාගමේ 2017 වසරේ සිට 2019 වසර දක්වා හිටපු සභාපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, බත්තරමුල්ල පිහිටි ඔහුගේ නිවසේදීයි.

පොලිස් මූලස්ථානය පැවසුවේ, අත්අඩංගුවට ගත් පොහොර සමාගමේ හිටපු සභාපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.


News Articles
Latest Videos
Most Popular Post