පානදුර පමුණුගම ප්‍රදේශයේ බොල්ගොඩ ජලාශයේ පාවෙමින් තිබී පුද්ගල මළසිරුරක් හමුව තිබෙනවා. අදාල මළ සිරුර 54 හැවිරිදි බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි වෘත්තියෙන් පෙදරේරු පුද්ගලයෙකු ගේ වන බවයි කල විමර්ශනයේදී අනාවරණය වී තිබෙන්නේ.
ප්‍රදේශවාසීන් විසින් එම මළ සිරුර එම ජලාශයේ පාවෙමින් තිබියදී දැක පොලිසිය දැනුවත් කර තිබෙනවා. කෙසේ වෙතත් මේ සිද්ධිය පිලිබදව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.