News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
19

බෝගම්බරින් පැන යාමට තැත් කිරීමේදී මියගිය රැඳවියාට කොරෝනා බව අනාවරණ වෙයි

519 Views


බෝගම්බරින් පැන යාමට තැත් කිරීමේදී මියගිය රැඳවියාට කොරෝනා බව අනාවරණ වෙයි

බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් පළා යෑමට තැත් කිරීමේදී මිය ගිය රැඳවියාට සහ පළා යෑමේදී පොලිසිය අත්අඩංගුවට ගත් රැඳවියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

පෙරේදා රාත්‍රී නිරෝධායනයට ලක්කර සිටි රැඳවියන් පස් දෙනෙකු බන්ධනාගාරයෙන් පළා යාමට උත්සාහ කර තිබුණා.

ඉන් තිදෙනෙකු අල්ලාගෙන තිබූ අතර සෙසු දෙදෙනාගෙන් එක් අයෙක් පළා යාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරියෙකුගේ වෙඩි පහරට ලක්ව මිය ගියා.

අනෙක් රැඳවියා පළා ගිය අතර පසුව ඊයේ දහවල් මහනුවර නගරයේදී අත්අඩංගුවට ගෙන දින 14ක කාලයක් සඳහා නිරෝධායනයට යොමු කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post