මෙරට 74 වැනි කොරෝනා මරණය වාර්තා කරමින් තවත් පුද්ගලයෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.
මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග උත්සන්න වූ හෘද රෝගී තත්ත්වයයි.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එලෙස මියගොස් ඇත්තේ කොළඹ 2 ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පුද්ගලයෙක්.