අද (20) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 439 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් දේශියව පුද්ගලයින් 437 දෙනෙකු, විදේශීය රටවල සිට මෙරටට පැමිණි විදේශීය මුහුදු ආරක්‍ෂකයෙකු සහ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි එක් පුද්ගලයෙකු ලෙස වාර්තා වෙනවා.
හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 305 ක් වාර්තා වන අතර සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 58 ක් හමු වෙනවා.
ඊයේ (19) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 18,838 ක් වන අතර ඉන් පුද්ගලයින් 12,902 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (19) දින වනවිට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 5,867 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.
මේ වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර – 3,059
පෑලියගොඩ පොකුර – 12,265