News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
20

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට (ඡායාරූප)

529 Views


පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට (ඡායාරූප)

පිටකොටුව මැනිං වෙළෙඳපොළ වෙනුවට ඉදිකෙරුණු පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කෙරුණා.

අක්කර 13ක විශාල භූමි භාගයක ඉදිකෙරුණු නව සංකීර්ණය පහසුකම් රැසකින් සමන්විතයි.

තදබදය අවම කිරීම සඳහා මැනිං වෙළෙඳ සංකීර්ණය පිටකොටුවෙන් ඉවත් කර පෑලියගොඩ ප්‍රදේශයට රැගෙන යාමට මුල්වරට සැළසුම් සකස් වී ඇත්තේ 2011 වසරේදීයි.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ක්‍රියා කළ කාලයේ ක්‍රියාවට නැංවූ මෙරට නගර තිරසර හා දැකුම්කළු නගර බවට පරිවර්තනය කිරීමේ වැඩසටහනට අනුවයි.

ඒ අනුව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ආසන්නව 2013දී මෙම නව මැනිං වෙළෙඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ඇරඹුණා.

ඒ සඳහා වැය වූ මුළු මුදල රුපියල් බිලියන 6.9ක්.

මහල් හතරකින් සමන්විත වෙළෙඳ සංකීර්ණය, වාහන 600ක් පමණ ගාල් කළ හැකි රථ ගාලක්, සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය මධ්‍යස්ථාන, බැංකු, ආපන ශාලා, අධි ශීතකාමර, සාප්පු සංකීර්ණ, පොදු වැසිකිළි, ‍හෝටල් ඇතුළු පහසුකම් රැසකින් සමන්විතයි.

මෙහි තොග සහ සිල්ලර වෙළෙඳාම සඳහා වෙළෙදසැල් 1192 ක් ඉදිකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post