News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
20

සඳුදා විවෘත නොකෙරෙන වයඹ පළාතේ පාසල්

728 Views


සඳුදා විවෘත නොකෙරෙන වයඹ පළාතේ පාසල්

වයඹ පළාතේ අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශ කිහිපයක පාසල් ලබන සඳුදා ආරම්භ නොකිරීමට තීරණයකර තිබෙනවා.

බස්නාහිර පළාතේ හැර සෙසු පළාත්වල පාසල් එළඹෙන 23 වැනිදා විවෘත කිරීමට රජය පසුගිය දා තීරණය කළා.

කෙසේ වෙතත් කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවල අවදානම් ප්‍රදේශ කිහිපයක පාසල් ආරම්භය සතියකින් කල් දැමීමටයි තීරණයකර ඇත්තේ.

ඒ අනුව, කුරුණෑගල මහනගර සභා ප්‍රදේශය, කුරුණෑගල වෛද්‍ය නිලධාරී කොට්ඨාසය, මල්ලවපිටිය, කුලියාපිටිය නගර සභා සීමාව හා මධ්‍ය මහා විද්‍යාලය, කනදුල්ල මහා විද්‍යාලය, දියකලමුල්ල මහා විද්‍යාලය, පන්නල නගර සභා සීමාව හා ඊරියගොල්ල, නාරම්මල නගර සීමාව,
මහව ගජනැග්ගම, අඹගස්වැව, බලල්ල, යාපහුව සහ මහව විජයබා විදුහල විවෘත කිරීම සතියකින් කල් දමා තිබෙනවා.

එමෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ දහසකට වැඩි සිසුන් පිරිසක් ඇති පාසල් සළකා බලා එම පාසල් විවෘත කිරීම සම්බන්ධ‍යෙන් දිස්ත්‍රික් ලේකම් හා සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කරනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post