News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

බේරුවල ධීවර වරායේ උණුසුම් තත්ත්වයක්

527 Views


බේරුවල ධීවර වරායේ උණුසුම් තත්ත්වයක්

බේරුවල ධීවර වරාය තුළ සිල්ලර මත්ස්‍යය වෙළඳාම් සිදු කිරීමට අවසර ලබා නොදීම හේතුවෙන් පොලීසිය, මහජන පරීක්ෂකවරුන් සහ ‍සිල්ල‍ර වෙළෙන්ඳන් අතර අද උදෑසන උණුසුම් තත්වයක් හටගත්තා.

ඔවුන් පැවසුවේ, ධීවර වරාය තුළ සිල්ලර වෙළඳාමට ඉඩ නොදුන්න ද නගරය තුළ වෙළඳාම් සිදුවන බවයි.

මේ හේතුවෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

තමන්ට ධීවර වරාය තුළ වෙළඳාම් කිරීමට අවසර දෙනතුරු විරෝධතාව අත් නොහරින බව වෙළඳුන් පවසනවා.

කෙසේ වෙතත් වෙළඳුන් සහ කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අතර පැවැති සාකච්ඡාවකදී හෙට සිට සිල්ලර වෙළඳ‍ාම සඳහා අවසර දී ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post