බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ පවසනවා.
පසුගිය 19 වැනිදා බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 32දෙදෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකර තිබුණා.
එහි වාර්තා අනුව 11 දෙනෙකුට වෛරසය ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.
එමෙන්ම තවත් සිව් දෙනෙකුගේ පී.සී.ආර්. සාම්පල දෙවැනි රසායනාගාර පරීක්ෂණයට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.