කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් සොයා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය පවත්වන පර්යේෂණයේ ප්‍රධාන විමර්ශන නිලධාරිනියක් වශයෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරියක ද පෙරමුණ ගෙන සිටිනවා.
ඇය නමින්, මහේෂි එන්. රාමසාමි වෛද්‍යවරියයි
අදාළ එන්නත පිළිබඳ සිදු කරනු ලැබූ සායනික කටයුතු සම්බන්ධයෙන් වෛද්‍ය සඟරාවක් වන “ද ලැන්සෙට්“ හි පළ කර තිබූ වාර්තාවේ ඉහළින්ම සටහන්ව ඇත්තේ වෛද්‍ය මහේෂි රාමසාමි මහත්මියගේ නාමයයි.
ශ්‍රී ලංකාවේ උපත ලැබූ ඇය වෛද්‍ය අධ්‍යාපනය හදාරා ඇත්තේ, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ක්‍රයිස්ට් විද්‍යාලයෙන්.
ඉන් වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ඇති ඇය බෝවන රෝග සහ සායනික වෛද්‍ය විද්‍යාව පිළිබඳව ද ඔක්ස්ෆර්ඩ් සහ ලන්ඩන් වෛද්‍ය ආයතනවලින් උපාධි හිමිකරගෙන තිබෙනවා.