රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබා ගැනීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
එමගින් මහජනතාවට දැනුම් දෙන්නේ, සේවා ලබා ගැනීමට දෙපාර්තමේන්තුවේ කාර්යාල වෙත පැමිණීමට පෙර 011 2 696 917 හෝ 011 2 694 523 යන කොළඹ ප්‍රධාන කාර්යාලයේ දුරකතන අංක අමතා දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතු බවයි.
එසේත් නොමැති නම් 081 2 223 729 යන මහනුවර ශාඛා කාර්යාලයේ දුරකතන අංකය ඇමතීමෙන් ද දිනයක් සහ වේලාවක් වෙන්කර ගත හැකි බවයි ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
එමෙන්ම info@archives.gov.lk , research@archives.gov.lk හෝ kandy@archives.gov.lk යන විද්‍යුත් තැපෑල හරහා ද ඉල්ලුම් යොමු කළ හැකි වනවා.
පොත් සහ පුවත්පත් ලියාපදිංචි කිරීමේ අංශයට ප්‍රකාශන ලබා දීම සඳහා දිනයක්, වේලාවක් වෙන්කර ගැනීමට rbn@archives.gov.lk යන විද්‍යුත් තැපෑල වෙත ඉල්ලුම් යොමු කළ හැකි බවයි ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
011 2 696 917 හෝ 011 2 694 523 යන අංක ඔස්සේ කොළඹ ප්‍රධාන කාර්යාලය ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකි වනවා.