IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය කාන්තාව සොයා තවදුරටත් මෙහෙයුම් දියත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරනවා.
ඉකුත් දා අදාල කාන්තාව සිය වයස අවුරුදු දෙකක් පමණ දරුවා ද සමග කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගිය අතර දරුවා
ඇහැළියගොඩ නිවසකින් හමු වුවද එම දරුවාගේ මව තවමත් සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.
මේ අනුව එම අදාල කාන්තාව සොයා තව දුරටත් පොලිසිය මෙහෙයුම් දියත් කර තිබෙනවා.