News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
22

කොරෝනා නිසා කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් කටයුතු තාවකාලිකව නවතියි

460 Views


කොරෝනා නිසා කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් කටයුතු තාවකාලිකව නවතියි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම තැපැල් හා උප තැපැල් කාර්යාල නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණයකර තිබෙනවා.

ඒ, කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලයේ සහ ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමගයි.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ, එලෙස ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග ඇතැම් නිලධාරීන් තැපැල් සහ ඖෂධ බෙදීම් රාජකාරී සඳහා අනෙකුත් තැපැල් හා උප තැපැල් කාර්යාල වෙත පිටත්කර යැවීම හේතුවෙන් සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි අදාළ තැපැල් කාර්යාල නැවත දැනුම් දෙනතුරු වසා තැබීමට තීරණය කළ බවයි.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ඖෂධ බෙදීමේ රාජකාරී කටයුතු ද නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවා ඇති අතර ඒ සඳහා විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post