News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව හා කොම්පඤ්ඤවීදිය යන පොලිස් වසම්වලට පනවා ඇති සංචරණ සීමා හෙට ඉවතට

550 Views


බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව හා කොම්පඤ්ඤවීදිය යන පොලිස් වසම්වලට පනවා ඇති සංචරණ සීමා හෙට ඉවතට

ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා හෙට උදෑසන 5 සිට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් වන බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව හා කොම්පඤ්ඤවීදිය යන ප්‍රදේශ වල පනවා ඇති සංචරණ සීමා හෙට ඉවත් කරනු ඇති.

කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 13ක තවදුරටත් හුදකලා කෙරෙන අතර කොම්පඤ්ඤවීදියේ පිහිටි වෑකන්ද ග්‍රාම නිලධාරී වසම හා බොරැල්ලේ පිහිටි වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම ද තවදුරටත් හුදකලා තත්වයේ පවතින බවයි යුධ හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post