News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
23

ඉදිරි පැය 24 තුළ සුළි කුණාටුවක්

806 Views


ඉදිරි පැය 24 තුළ  සුළි කුණාටුවක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට වර්ධනය වීම නිසා එය සුළි කුණාටුවක් දක්වා තව දුරටත් වර්ධනය වීම නිසා ඉදිරි පැය 24 කින් එම තත්වය ශ්‍රී ලංකාවට බලපාන බවත් නැගෙනහිර උතුරු සහ උතුරු මැද පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වඩා තද වැසි ඇති විය හැකි බවයි පවසන්නේ.

එමෙන්ම නැගෙනහිර උතුරු සහ උතුර මැද පළාත්වලට විටින් විට පැයට කිලෝමීටර් 60 – 70 පමණ දක්වා වන ඉතා තද සුළං ඇතිවන බව ද කාලගුණයෙන් අනතුරු අගවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post