කොරෝනා ආසාදනය වූ තවත් 131 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.
ඒ අනුව අද දිනයේ මේ දක්වා ආසාදිතයින් 335 දෙනෙක් හඳුනාගෙන ඇති අතර දිවලුපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 16,978ක්.
එමෙන්ම මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 20,508ක් ලෙසයි.