පාසල් සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තබා තුවාල කිරීමේ වරදට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා ලබන මස 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
එම සිසුවා සිය මිතුරන් සමග ක්‍රීඩා කරමින් සිට ඇති අතර පන්දුව අදාළ වෛද්‍යවරයාගේ නිවස පිහිටි ඉඩමට ගොස් තිබුණා.
එය ගැනීම සඳහා ඊට ඇතුළු වූ සිසුවාට කිසිඳු සොයා බැලීමකින් තොරව වෛද්‍යවරයා වායු රයිෆලයකින් වෙඩි තබා තිබෙනවා.
අනතුරුව එම වෛද්‍යවරයාව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.
සිද්ධියෙන් තුවාල ලැබුවේ 17 හැවිරිදි පාසල් සිසුවෙකු වන අතර වෙඩි වැදීමෙන් ඔහුගේ පපු ප්‍රදේශයට තුවාල සිදුව තිබෙනවා.
මේ වනවිට ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.