මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මහජන සේවාවන් සඳහා හෙට සිට යළි විවෘත කිරීමට තීරණයකර තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ, අවම කාර්යය මණ්ඩලයක් සහිතව එම කාර්යාලයේ කටයුතු යළි ආරම්භ කරන බවයි.
ප්‍රධාන කාර්යාලය යළි විවෘත කළ ද සේවාවන් ලබා ගැනීම සඳහා කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතු බවයි එම දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙන්නේ.
ඒ සඳහා අද සිට සතියේ දිනවල උදෑසන 9 සිට පස්වරු 4 දක්වා කාර්යාලයේ අදාළ අංශ අමතා දිනයක් සහ වේලාවක් වෙන්කරගත හැකි වනවා.
ඊට අමතරව යාපනය, අනුරාධපුරය, කරුණෑගල, ගම්පහ සහ හම්බන්තොට යන දිස්ත්‍රික් කාර්යාල මගින් වාහන පැවරීමට අදාළ සේවාවන් තවදුරටත් ක්‍රියාත්මක බැවින් ආසන්නතම කාර්යාලයෙන් එම සේවා ලබා ගැනීමේ පහසුකම් සපයා තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එම කාර්යාල වෙත පැමිණීමේදී මුඛ ආවරණ පැළඳීම, දෑත් සේදීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද තරයේ අනුගමනය කළ යුතු බවයි.
එමෙන්ම සීමිත කාර්යය මණ්ඩලයක් සහිතව සේවා සැපයීමට නියමිත බැවින් පවත්නා තත්ත්වය පිළිබඳ අවබෝධයෙන්, ඉවසීමෙන් හා වගකීම් සහගතව කාර්යය මණ්ඩලයට හා ආරක්ෂක අංශ වෙත මහජනතාව සහයෝගය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවා.
නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙන් සේවා ලබා ගැනීමට දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම සඳහා ඇමතිය යුතු දුරකතන අංක පහතින් :
