News Line| Off Air
Generic placeholder image

Nov
23

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි

533 Views


දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මි.මී. 150ට වැඩි ඉතා තද  වැසි

දිවයිනට නැගෙනහිර දෙසින් පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 06 කාලය තුල පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර ඉදිරි පැය 30ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතී. මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් මස 24 දින වනවිට දිවයිනේ ඊසානදිග වෙරළබඩ ප්‍රදේශ වෙත ලඟා වනු ඇත.

නැගෙනහිර, උතුරුසහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට පැ.කි.මි.(60-70) පමණ දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැක. සෙසු ප්‍රදේශවල පැ.කි.මි.(40-50) පමණ දක්වා වන ප්‍රහාරාත්මක තද සුළං ඇති විය හැක.

තද සුළං මගින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post