News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
23

නව අමාත්‍යංශ දෙකක් ගැසට් කෙරේ

475 Views


නව අමාත්‍යංශ දෙකක් ගැසට් කෙරේ

තාක්ෂණ අමාත්‍යංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යංශය එම නව අමාත්‍යංශ දෙක බව එම ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

තාක්ෂණ අමාත්‍යංශයේ ප්‍රධාන විෂය පථය වන්නේ ප්‍රශස්ත තොරතුරු තාක්ෂණය ජාතික සහ ජාත්‍යන්තර විද්‍යුත් සම්බන්ධතාවයන් හා සම්බන්ධීකරණය කරමින් සෞඛ්‍ය, අධ්‍යාපන, සුභ සාධන හා රාජ්‍ය සේවාවන් මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රය කාර්යක්ෂම ලෙස මෙහෙයවීම සඳහා ඩිජිටල් ආණ්ඩුකරණ සේවා ස්ථාපිත කිරීම.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ විෂය පථය වන්නේ, සියලුම පුරවැසියන්ට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මගින් මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ නිතීය හා සාමය පවත්වා ගැනීම.


News Articles
Latest Videos
Most Popular Post