2019 සහ 2020 යන අධ්‍යයන වර්ෂ වෙනුවෙන් විශ්වවිද්‍යාල සඳහා සිසුන් ලියාපදිංචි කිරීම අදින් ආරම්භ වුණා.
මාර්ගගත ක්‍රමයට (Online) ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති අතර ඒ අනුව ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා ලියාපදිංචි විය හැකි වනවා.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ, මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 41,500ක් බවයි.