News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
23

පීඩන අවපාතය සුළි කුණාටුවකට පෙරළෙයි – ඉදිරි පැය 48 මුහුද රළු විය හැකි බවට අනාවැකි

546 Views


පීඩන අවපාතය සුළි කුණාටුවකට පෙරළෙයි – ඉදිරි පැය 48 මුහුද රළු විය හැකි බවට අනාවැකි

බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර එය ත්‍රිකුණාමලය වෙරළට කිලෝ මීටර 325ක දුරින් ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඉදිරි පැය 24 තුළ එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවයි.

ඉදිරි පැය 48 තුළ එය වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇති බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ හේතුවෙන් මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි මෙන්ම තද හෝ ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි අතර මුහුදු ප්‍රදේශ රළුවිය හැකි බවට අනතුරු අඟවනවා.

ඒ හේතුවෙන් ධීවර සහ නාවික කටයුතුවල නිරත ප්‍රජාවට අවධානයෙන් එම කටයුතුවල නිරත වන ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post