News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
24

අකුරණ ග්‍රාම සේවා වසම් දෙකකට සංචරණ සීමා

510 Views


අකුරණ ග්‍රාම සේවා වසම් දෙකකට සංචරණ සීමා

මහනුවර, අකුණ ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් දෙකක් සඳහා අද සිට ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පැනවීමට පියවර ගෙන ඇති බව දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසනවා.

ඔහු පැවසුවේ, ඊයේ දක්වා මහනුවරින් ආසාදිතයින් 144 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් වැඩි පිරිසක් හඳුනාගෙන ඇත්තේ අකුරණ ප්‍රදේශයෙන් බවයි.

ඒ අනුව අකුරණ – තෙළැඹුගහවත්ත සහ බුළුගහතැන්න යන ග්‍රාම සේවා වසම් සඳහා අද සිට නැවත දැනුම් දෙනතුරු සංචරණ සීමා පනවා තිබෙනවා.

දිස්ත්‍රික් ලේකම්වරයා පවසන්නේ, අදාළ ග්‍රාම සේවා වසම්වලට ඇතුළු වීම සහ පිට වීම සඳහා පමණක් සංචරණ සීමා පැනවෙන අතර එම ග්‍රාම සේවා වසම් තුළ සංචරණය කිරීමේ හැකියාව පවතින බවයි.

මේ අතර මහනුවර, මහයියාව ප්‍රදේශයේ වතු නිවාස පෙළක් ආශ්‍රයෙන් ද ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් පොදු පහසුකම් භාවිත කිරීම හේතුවෙන් නිවෙස්වල නිරෝධායනයට යොමු කිරීම අපහසු බව පෙන්වා දෙන දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ, එම පිරිස වෙනම නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 528ක් මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post