News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
24

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලය වෙරළට කි.මී.280 දුරින්

527 Views


ගැඹුරු පීඩන අවපාතය  ත්‍රිකුණාමලය වෙරළට කි.මී.280 දුරින්

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ලංකාවේ ත්‍රිකුණාමලය වෙරළට කි.මී.280 දුරින් (10.0N, 83.3E) මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතී. ඉදිරි පැය 12ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වාත් ඊළඟ පැය 12 තුල චන්ඩ සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය විය හැක. මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුල දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම පද්ධතියේ බලපෑමෙන්දිවයිනේනැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට පැ.කි.මි.(60-70) පමණ දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැක. සෙසු ප්‍රදේශවල පැ.කි.මි.(40-50) පමණ දක්වා වන ප්‍රහාරාත්මක තද සුළං ඇති විය හැක.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල අහස වලාකුළු වලින් බරව පවතිනු ඇත.

උතුරුසහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතරඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර, වයඹසහ සබරගමුව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැක.

තද සුළං මගින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post