News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
24

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා යළි රිමාන්ඩ්

357 Views


මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා යළි රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වීම සහ මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා යළි රිමාන්ඩ් කරන ලෙස අද අධිකරණය නියෝග කළා.

ඒ, ඊට අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඞ් මිහායිල් මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

මින් පෙර නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ, සැකකරුවන්ට ඇප ලබා දීමට විෂද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය ආඥා පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් පවතින බවයි.

එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම ඉල්ලීමට විරෝධය පළ කළා.

ඔහු පෙන්වා දුන්නේ සැකකරුවන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එක්ව මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය රැගෙනවිත් මෙරට තුළ ජාවාරම්කර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ලැබී අති බවයි.

ඉදිරිපත් වූ කරුණු සළකා බලා සැකකරුවන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, ඔවුන්ව ලබන 7වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post