ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු පස්දෙනෙකුට අද අධිකරණය ඇප නියම කළා.
ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන්.
එම ඝාතනයට අදාළ නඩුව අද මඩකලපුව මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ විනිසුරුවරයා නියෝගකර ඇත්තේ, එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි.
2005 වසරේදී මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයේ පැවැති උදෑසන දේව මෙහෙය අතරතුර ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනයට ලක් වුණා.