News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
24

පරාජය පිළිගත් ට්‍රම්ප්, බයිඩ්න්ට බලය පැවරීමට එකඟ වෙයි

462 Views


පරාජය පිළිගත් ට්‍රම්ප්, බයිඩ්න්ට බලය පැවරීමට එකඟ වෙයි

ඇමරිකානු ජනාධිපතිවරණය ජයගත් ජෝ බයිඩ්න්ට විධිමත් අයුරින් බලය පැවරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැමැත්ත පළ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, ඒ සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් බවට වන ලිපියක් ට්‍රම්ප් පරිපාලනය විසින් බයිඩ්න්ට යොමුකර ඇති බවයි.

මැතිවරණ පරාජය පිළිගනිමින් “කළ යුතු දේ කළ යුතු” බව ට්‍රම්ප් පවසා තිබෙනවා.

ඇමරිකානු ජනාධිපතිවරයා මෙම තීරණයට එළැඹ ඇත්තේ මිචිගන් ප්‍රාන්තයේ ජයග්‍රහණය ජෝ බයිඩ්න් හිමිකරගත් බවට නිල වශයෙන් සහතික කිරීම හේතුවෙන්.

එරට මහජන සේවා පරිපාලන ආයතනය නිවේදනය කර ඇත්තේ තේරී පත්වූ ජනාධිපතිවරයාට ජනවාරි 20 වැනිදා වනවිට බලයට පත්වීම සඳහා ඉහළ ආරක්ෂක අංශ සහ රාජ්‍ය කාර්යාල සුදානම්කර ගැනීමට ඉඩ ලබා දිය යුතු බවයි.


News Articles
Latest Videos
Most Popular Post