ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල ගමන් කර කොරෝනා වෛරසය ආසාදනය වන මගීන්ට දීමනා මුදලක් පිරිනැමීමට එම මණ්ඩලය තීරණයකර තිබෙනවා.
ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ, සිය මණ්ඩලයට අයත් බස් රථයක ගමන් ගැනීමේදී කොරෝනා ආසාදනය වන පුද්ගලයෙකුට රුපියල් 10,000 මුදලක් ද මිය යන පුද්ගලයෙකුට රුපියල් 50,000 මුදලක් ද දීමනා වශයෙන් ලබා දීමට තීරණයකර ඇති බවයි.
මගීන්ගේ ආරක්ෂාව සඳහ ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ආරක්ෂක අරමුදලක් පිහිටුවීමට පියවර ගෙන ඇති බව ද එම මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.