News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
25

යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයෙක් ඇද වැටී හදිසියේ මියයයි

2545 Views


යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයෙක් ඇද වැටී හදිසියේ මියයයි

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉන් ඇද වැටී හදිසියේ මියගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ, ගාලු පාරේ සිට වෙරළ දෙසට ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස යතුරුපැදියෙන් ඇද වැටී මියගොස් ඇති බවට අනාවරණ වී ඇති බවයි.

මෘත දේහය පානදුර මූලික රෝහල වෙත යොමුකර ඇති අතර එය පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා භාජනය කිරීමට පියවර ගෙන ඇති බව පානදුර නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඒ. සඳරුවන් මහතා පැවසුවා.

මෙලෙස මියගොස් ඇත්තේ පානදුර, පින්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පුද්ගලයෙක්.


News Articles
Latest Videos
Most Popular Post