News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වලට තද වැසි හා සුළං

476 Views


නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වලට තද වැසි හා සුළං

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” සුළි කුණාටුව ඊයේ රාත්‍රී (24) 11.30 වන විට චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ලංකාවේ කන්කසන්තුරය වෙරළට කි.මී. 230ක් නැගෙනහිරින් (10.1N, 82.1E) ස්ථානගතව පැවතුනි. එය ඉදිරි පැය 24ක කාලය තුල ඉතා චන්ඩ සුළි කුණාටුවක් බවට පත්වෙමින් දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්දි වයිනේ නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට පැ.කි.මි. (60-80) පමණ දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැක. සෙසු ප්‍රදේශවල පැ.කි.මි.(40-50) පමණ දක්වා වන ප්‍රහාරාත්මක තද සුළං ඇති විය හැක.

උතුරු, උතුරු-මැද, වයඹ සහ බස්නාහිර පළාත්වල අහස වලාකුළු වලින් බරව පවතිනු ඇත.

උතුරු සහ උතුරු මැද පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුවසහ මධ්‍යම පළාත්වලත් කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවේ.

ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

තද සුළං මගින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post