News Line| Off Air
Generic placeholder image

Nov
25

රිෂාඩ් බදියුදීන්ට ඇප

401 Views


රිෂාඩ් බදියුදීන්ට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයා මුදා හැරුණු අතර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඇපකරුවන් ඔහුගේ ළඟම ඥාතීන් විය යුතු බවයි.

එමෙන්ම අධිකරණය රිෂාඩ් මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

වැඩිදුරටත් අධිකරණය නියෝග කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දෙන ඕනෑම අවස්ථාවක ඒ හමුවේ පෙනිය සිටිය යුතු බවටයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සහ මහජන මුදල් අවභාවිතය යන චෝදනා සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මහතාව ඉකුත් ඔක්තෝබර් මස 19 වැනිදා අත්අඩංගුවට ගත්තා.

ඒ, විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post