News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

සනීපාරක්ෂක තුවාවල පවතින මිලෙහි කිසිඳු වෙනසක් නැති බව එම නිෂ්පාදකයින් කියයි

443 Views


සනීපාරක්ෂක තුවාවල පවතින මිලෙහි කිසිඳු වෙනසක් නැති බව එම නිෂ්පාදකයින් කියයි

සනීපාරක්ෂක තුවාවල පවතින මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයින්, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හමුවේ කියා සිටියා.

ඒ, අමාත්‍යවරයා සහ දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයින් අතර අද පැවැති සාකච්ඡාකදීයි.

එම තුවා සඳහා පසුගිය රජය මගින් පනවනු ලැබූ සියයට 30ක බද්දෙන් සියයට 15ක ප්‍රමාණයක් මෙවර අයවැයේදී අඩු කළ අතර ඉතිරි ප්‍රමාණය සෙස් බද්දක් ලෙස පැවතීම තුළ ඔවුන් වෙළඳපොළට නිකුත් කරන සනීපාරක්ෂක තුවාවල මිල ගණන් ඒ ආකාරයෙන්ම ස්ථාවරව පවතින බව ඔවුන් මෙහිදී අමාත්‍යවරයාට දැනුම් දුන්නා.

එහිදී එම පිරිස අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ 2018 වසරේ සනිපාරක්ෂක තුවා කිලෝ ග්‍රෑමයක් සඳහා පනවා තිබූ රුපියල් 300ක ආනයන බද්ද නැවත පනවන ලෙසයි.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, ඉල්ලුමට සරිලන සැපයුම සියයට සියයක්ම සිදු කිරීමට දේශීය නිෂ්පාදකයින්ට ඇති හැකියාව තුළ එම නිෂ්පාදන ආනයනය කිරීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි.


News Articles
Latest Videos
Most Popular Post