News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
26

කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වෙයි

491 Views


කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වෙයි

මියගිය කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සිරුර සම්බන්ධයෙන් සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තාව අද රාත්‍රී නිකුත් වුණා.

එම වාර්තාවට අනුව ස්ථානාධිපතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

අද උදෑසන ගාලු මුවදොර පිටියේ ව්‍යායාම කරමින් සිටින අතරතුර හදිසියේ ඇද වැටීමෙන් ඔහු මිය ගොස් තිබුණා.

මියයන විට 42 හැවිරිදි වියේ පසු වූ ඔහු දෙදරු පියෙක්.


News Articles
Latest Videos
Most Popular Post