වටවල ප්‍රදේශයේ පාසලක 12වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. අහඹු ලෙස සිදු කල PCR පරීක්ෂාවක් තුලින් මේ බව හදුනාගෙන තිබෙනවා. ඉකුත් දා සිදු කල pcr වාර්තාවේ ප්‍රතිපල ලැබීමට පෙර අදාල සිසුවා පාසලට පැමිණ ඇතත් එහිදී පාසල් ගුරුවරුන් ඇතුළු පිරිස ඔහුව යළි නිවෙස වෙත පිටත්කර යවා තිබෙනවා.
පාසල් භූමියද මේ වන විට විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.