News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
26

කොරෝනා සිරුරු අනිවාර්ය ආදාහනයට එරෙහි පෙත්සම සළකා බැලීම 30වැනිදා

408 Views


කොරෝනා සිරුරු අනිවාර්ය ආදාහනයට එරෙහි පෙත්සම සළකා බැලීම 30වැනිදා

කොරෝනා වෛරසය වැළඳී මියයන පුද්ගලයන්ගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කළ යුතු බවට පනවා ඇති නියමයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබා දෙන්නැයි ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 30 වැනිදා සළකා බැලීමට අද නියම කළා.

ඒ, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ සහ ගාමිණී අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.

මෙම පෙත්සම ගොනුකර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදියුදීන් මහතා ඇතුළු පිරිසක් විසින්.

ඔවුන් සිය පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ, මළ සිරුරු අනිවාර්යය ආදාහනය සිය ආගමික ඇදහීමට පටහැනි බවයි.


News Articles
Latest Videos
Most Popular Post