තවත් නව කොරෝනා ආසාදිතයින් 211 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩින් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.
ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 553ක් වන අතර දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්තය දැක්වෙන්නේ 18,491ක් ලෙසයි.