පවතින වසංගත තත්ත්වය හමුවේ කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට සිට වසා දැමීමට තීරණයකර ඇති බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය පවසනවා.
ඒ සතියක කාලයක් සඳහායි.
විවෘත කිරීමේ නිශ්චිත දිනය පිළිබඳ පසුව දැනුම් දෙන බවයි නිවේදනය කෙරුණේ.
මේ අතර මහනුවර නගර සීමාවේ පාසල් 45ක් ද අද සිට එළැඹෙන දෙසැම්බර් 4 වැනිදා දක්වා වසා දැමීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඊයේ ප්‍රකාශ කළා.