ලංකා ප්‍රීමියර් ලීග් T20 ක්‍රිකට් තරඟාවලිය හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.
ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බු කිංග්ස් සහ කුසල් ජනිත් නායකත්වය දරණ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතර තරඟය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
එහි කාසියේ වාසිය දිනූ කලම්බු කිංග්ස් කණ්ඩායම තීරණය කළේ, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට එරෙහිව පන්දු රැකීමටයි.
තරඟාවලිය දෙසැම්බර් මස 16වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.