ඊයේ දිනය තුල මෙරට හදුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 559 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ අතරින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 253ක්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 65 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු ද වාර්තා වී තිබෙනවා. ඊයේ දිනය තුළ PCR පරීක්ෂණ 12,105 ක් සිදුකර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.