News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
27

සීමාව ඉක්මවා මගීන් ගෙන යන බස් රථවලට එරෙහිව නීතිය තදින්ම

472 Views


සීමාව ඉක්මවා මගීන් ගෙන යන බස් රථවලට එරෙහිව නීතිය තදින්ම

සීමාවක් නොමැතිව මගීන් පටවා ගන්නා බස් රථ සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස තමන් ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් දී ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පවසනවා.

පෞද්ගලික මගී ප්‍රවාහන බස් ගාස්තු ඉහළ දැමීමක් කරනු ලැබුවේ මගීන් සීමාකර ධාවනය කිරීමේදී සිදුවන පාඩුව මග හරවා ගැනීමට වුවත් ඇතැම් බස් රථ පෙර පරිදිම මගීන් ගෙන යන බවට තමන්ට පැමිණිලි ලැබී ඇති බවයි ආණ්ඩුකාරවරයා පවසන්නේ.

ඔහු පෙන්වා දෙන්නේ, රජය ගාස්තු වැඩි කිරීමක් සිදුකර තිබියදී පෙර පරිදි ම බස් රථවල මගීන් ගෙන යන්නේ නම් රජය ගත් ක්‍රියාමාර්ගයෙන් ඵලක් නොවන බවයි.

රජය යම් ආකාරයක ගාස්තු සංශෝධනයක් කර බස් හිමියන්ට සහනයක් ලබා දුන්නේ ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව අවධානය යොමුකර වුවත් ඇතැම් බස් රථ සීමාවකින් තොරව මගීන් රැගෙන යාම නිසා බරපතල සෞඛ්‍ය ගැටලුවක් මතුව ඇති බව ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post