News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
27

ජනපති, රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නා හිමියන් බැහැ දකියි (ඡායාරූප)

433 Views


ජනපති, රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නා හිමියන් බැහැ දකියි (ඡායාරූප)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමල නා හිමියන් බැහැ දුටුවා.

උන්වහන්සේ වැඩ වාසය කරන මීරිගම, මිණිඔලුව, විද්‍යාවාස පිරිවෙණ වෙත ගිය ජනාධිපතිවරයා උන්වහන්සේ වෙත සිය සුභාශිංසන පිරිනැමුවා.

ශාසනික, ආගමික සහ ජාතික වශයෙන් රාමඤ්ඤ මහා නිකායෙන් සිදුවන සේවය අගය කළ ජනාධිපතිතුමා එම මෙහෙවර අඛණ්ඩව කරගෙන යාමට තමාගේත්, රජයේත් පූර්ණ සහය හිමි වන බවයි මහා නායක හිමියන් වෙත පවසා සිටියේ.

එමෙන්ම මහානායක හිමියන්ට චිර ජීවනය ප්‍රාර්ථනා කළ ජනාධිපතිවරයා විශේෂ සටහනක් සමග සමරු සටහන් පොතේ අත්සන් තැබුවා.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී හිමි ඇතුළු මහා සංඝරත්නය කිහිප නමක් මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර උන්වහන්සේ සෙත් පිරිත් සජ්ඣායනාකර ජනාධිපතිතුමාට ආශිර්වාද කළා.


News Articles
Latest Videos
Most Popular Post