News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
27

කොරෝනා ආසාදිත ශානි අබේසේකරව අයි.ඩී.එච්. වෙත මාරු කරන්නැයි ඉල්ලීමක්

448 Views


කොරෝනා ආසාදිත ශානි අබේසේකරව අයි.ඩී.එච්. වෙත මාරු කරන්නැයි ඉල්ලීමක්

කොරෝනා ආසාදිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාව ප්‍රතිකාර සඳහා අංගොඩ මූලික රෝහල වෙත මාරුකර යවන ලෙස පාර්ශව කිහිපයක් ඉල්ලීම්කර තිබෙනවා.

අද පාර්ලිමේන්තුවේදී ද ඒ සම්බන්ධයෙන් අවධානය යොමු වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේ හිටපු අධ්‍යක්ෂවරයාව අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කිරීම සම්බන්ධයෙන් සළකා බලන ලෙසයි.

එමෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් ලිපියක් යොමුකර තිබුණා.

ශානි අබේසේකර මහතාව ප්‍රතිකාර සඳහා ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යැවීම සහ ඔහුගේ අයිතිවාසිකම් ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ එමගින් පැහැදිලිකර තිබෙනවා.

අබේසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණේ මින් දින දෙකකට ඉහතදී්‍යි.


News Articles
Latest Videos
Most Popular Post