News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
27

ශානි අබේසේකර අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කෙරේ

579 Views


ශානි අබේසේකර අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කෙරේ

කොරෝනා ආසාදිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අංගොඩ මූලික රෝහලට ඇතුළත්කර තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, වෛද්‍ය උපදෙස් මත ඔහුව එම රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගත් බවයි.

ශානි අබේසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනුණේ පසුගිය බදාදා දිනයේදීයි.

ඒ අනුව අබේසේකර මහතාව ප්‍රතිකාර සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත යොමු කෙරුණු අතර ඔහුව අංගොඩ රෝහලට මාරු කරන ලෙස අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් ද කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post