News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
28

අවිශ්කගේ සුපිරි පිතිහරඹය ජැෆ්නා ස්ටැලියොන්ස් ජය ගෙනෙයි

623 Views


අවිශ්කගේ සුපිරි පිතිහරඹය ජැෆ්නා ස්ටැලියොන්ස් ජය ගෙනෙයි

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයෙන් ජැෆ්නා ස්ටැලියොන්ස් කණ්ඩායම ජය ගනු ලැබුවා. ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ගොල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග පැවැති තරගය කඩුලු 08කින් ජය ගැනීමට ජැෆ්නා ස්ටැලියොන්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ඊයේ (27) රාත්‍රීයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ගොල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 175ක් ලබා ගැනීමට සමත් විය. නායක ශයිඩ් අෆ්රිඩි ලකුණු 58ක් ද ධනුෂ්ක ගුණතිලක ලකුණු 38ක් ද රැස් කළා. පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියොන්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 03ක් අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී සිටියදී ලකුණූ 176ක් ලබා ගනිමින් ජය ලැබුවා.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 63කදී ලකුණු 92ක් ද සොයිබ් මලික් ලකුණූ 27ක් ද ලබා ගත්තේය.


News Articles
Latest Videos
Most Popular Post