News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
29

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනයට වෙඩි – රැඳවියෙක් ජීවිතක්ෂයට

790 Views


මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනයට වෙඩි – රැඳවියෙක් ජීවිතක්ෂයට

මහර බන්ධනාගාරයේ ඇති වු නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමකින් රැඳවියකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, ඉන් තවත් රැඳවියන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

බන්ධනාගාරයේ රැඳවියෙකු පළා යාමට තැත් කිරීමේදී මෙම නොසන්සුන්තාව හටගෙන තිබුණේ අද පස්වරුවේයි.

එම තත්ත්වය පාලනය කිරීම සඳහා කැළණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ හා රාගම පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් 5ක් යොදවා තිබුණා.

එමෙන්ම මේ වනවිට බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්යය බලකායේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් තවත් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post