News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
29

මහර බන්ධනාගාරයේ සිද්ධිය ගැන සෙවීමට කමිටුවක්

536 Views


මහර බන්ධනාගාරයේ සිද්ධිය ගැන සෙවීමට කමිටුවක්

මහර බන්ධනාගාරයේ අද පස්වරුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් සෙවීමට කමිටුවක් පත්කර තිබෙනවා.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අදාළ සිද්ධිය හේතුවෙන් තුවාල ලැබූ රැඳවියන් 5 දෙනෙකු රාගම රෝහලට ඇතුළත්කර ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවා.

මේ අතර එම සිද්ධිය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් තැබූ වෙඩිල්ලකින් රැඳවියෙකු ජීවිතක්ෂයට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා අද පස්වරුවේ නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post